අප ගැන
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (නැක්ඩා) 1999 වසරේදී 1998 අංක 53 දරණ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරි පනත මඟින් ස්ථාපනය කරන ලදි.මෙම අධිකාරිය ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර සහ ජලජීවී වගා අංශයේ සංවර්ධනය සඳහා පිහිටුවා ඇති රාජ්‍ය අනුග්‍රහය සහිත ප්‍රධාන ආයතනය වේ.
අපගේ කර්තව්‍ය :
  • රටේ මත්ස්‍ය නිෂ්පාදනය සහ මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ජලජීවී වගාව සහ ජලජීවී වගා මෙහෙයුම් සංවර්ධනය
  • මිරිදිය සහ කිවුල්දිය ජලජීවී වගාව සංවර්ධන කිරීම තුළින් ධීවර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සුලභ කිරීම.
  • අපනයනය සඳහා විසිතුරු මත්ස්‍ය විශේෂ ඇතුළුව වැඩි වටිනාකමක් ඇති මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කිරීම.
  • පරිසර හිතකාමී ක්‍රමවෙදයන් අනුගමනය කරමින් ජලජීවී සම්‍පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම.
  • කුඩා, මධ්‍යම, සහ විශාල පරිමාණයේ ජලජීවී ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම.
  • අහිතකර ක්‍රියාකාරකම් හේතු කොටගෙන හානියට පත් ජලජ සම්පත් සංරක්ෂණය සහ පුනරුත්ථාපනය කිරීම.