ජාතික මිරිදිය ධීවර සහ ජලජීවී වගා පුහුණු ආයතනය (NIFATI)

ජාතික මිරිදිය ධීවර සහ ජලජීවී වගා පුහුණු ආයතනය , මිරිදිය ධීවර සහ ජලජීවී වගාව සඳහා ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛතම රාජ්‍ය අංශයේ පුහුණු ආයතනය වේ. මෙය ශ්‍රී ලංකාවේ පෞරාණික රාජධානිය වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව පිහිටා ඇත. පුහුණු ආයතනය, ක්‍රි.පූ. 400 හිදී තනන ලද කලාවැව ආසන්නයේ විජිතපුර ගම්මානයේ දර්ශනීය භූමියක පිහිටා ඇති අතර කලාවැවෙහි පි‍‍ටවාන පුරාණ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ආශ්චර්යයක් ලෙස සැලකේ.

ධීවරහාජලජසම්පත්සංවර්ධනඅමාත්‍යාංශය යටතේ පැවති ජලජ සම්පත් සංවර්ධන සහ තත්ත්ව ප්‍රවර්ධන ව්‍යාපෘතිය මඟින් 2009 වසරේදී මෙය පිහිටුවන ලදි.

පුහුණු කටයුතු පවත්වා ගෙන යෑම සඳහා අප සතුව මිරිදිය ධීවර සහ ජලජීවී වගාව සම්බන්ධව විවිධ අංශයන්හි විශේෂිත වූ සුදුසුකම්ලත්, පළපුරුදු සහ පුහුණු විශේෂඥයින්  කණ්ඩායමක් ඇත.

ශ්‍රවණාගාරය
ප්‍රධාන ශ්‍රවණාගාරයේ  200 දෙනෙකු සඳහා ඉඩ පහසුකම් ඇත.  මෙය සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කර ඇති අතර නවීන ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ වලින් සමන්විත වේ. සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීමට අවශ්‍ය සියලුම පහසුකම් මෙම ශ්‍රවණාගාරය තුළ පවතී.

දේශන ශාලා

සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කර ඇති දේශන ශාලා දෙකෙහි ආසන 75 බැගින් ද  නවීන ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ වලින් ද සමන්විත වේ.

පුහුණුලාභීන් සඳහා නේවාසික පහසුකම්

පුහුණුලාභීන්ට  තමන්ගේ රාජකාරී ස්ථාන වලින් බැහැරව පුහුණුවීමේ අවස්ථාව භුක්ති විදීමට සහ ආයතනයේ ඉගනීමේ පරිසරයට අනුවර්තනය වීමට සුදුසු පරිසරයක් පවතී.  නවාතැන් පහසුකම් පුහුණු ආයතන භූමියෙහිම පිහිටා ඇත.

සම්පත්දායකයින්ගේ නිල නිවාසය සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කරන ලද කාමර තුනකින් සමන්විත වේ.

පුහුණු පාඨමාලා සඳහා පැමිණෙන පුහුණුලාභීන්ගේ නවාතැන් සදහා යාබද නානකාමර සහිත යුගල කාමර 16 (ඇඳන් 32) සහ යාබද නානකාමර නොමැති යුගල කාමර 06 (ඇඳන් 12) පවතී. තවද 11 දෙනෙකු සඳහා වූ නවාතැන් සැපයීම‍ට හැකි නේවාසිකාගාර ශාලාවක් ද පවතී..

පුහුණු ආයතනයේ පහසුකම් අනෙකුත් රාජ්‍ය ආයතන, ව්‍යාපෘති, රාජ්‍ය නොවන සංවිධාන හෝ පෞද්ගලික ආයතන  සඳහා පුහුණු පාඨමාලා/ සම්මන්ත්‍රණ/ වැඩමුළු පැවැත්වීම සඳහා යොදා ගත හැකිය.

තොරතුරු සහ මිල ගණන් සඳහා විමසන්න
සහකාර අධ්‍යක්ෂ
ජාතික මිරිදිය ධීවර සහ ජලජීවී වගා පුහුණු ආයතනය (නිෆා‍ටි)
විජිතපුර
කලාවැව.

දුරකථන - 0094 025 2264560
ෆැක්ස් -  0094 025 2264560